යහපාලනය තරම් යුධ විරුවන්ට සලකපු රජයක් තවත් නෑ …යුධ විරුවන්ගේ අභිමානය රැක්කේ අපි !

ජාතික ආරක්ෂාව ශක්තිමත් කර රටතුල සහජීවනය ගොඩනංවමින් රණවිරු සුභසාදනය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පවසයි .

ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී අද (09 ) පැවති විරුසර වරප්‍රසාද දෙවන අදියර වැඩසටහනට එක්වෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේ ත්‍රස්තවාදයෙන් මාතෘභූමිය ආරක්ෂා කිරීමට කැපවූ රණවිරුවන් සෑම අංශයකින්ම ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවයිග.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන ,

“විරුසර වරප්‍රසාද වැඩපිළිවෙල මාගේ සංකල්පයක් ලෙස ආරම්භ කර වසරක් ඇතුලත රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 25,000 කට වරප්‍රසාද කාඩ්පත් ලබාදී තිබෙනවා.මේ වැඩසටහනට දායකවී සිටින රාජ්‍ය සහ පුද්ගලික ආයතන සියල්ලටත් මේ වැඩසටහන සාර්ථක කිරීමට කැපවන සැමටත් මාගේ ප්‍රණාමය සහ ස්තූතිය පුදකරනවා. විශේෂයෙන් අපේ රජය බලයට පත්වෙලා අපේ රටේ රණවිරුවන්ගේ සුභසාදනය වෙනුවෙන් ශක්තිමත් පියවර රැසක් ගත්තා. මුලින්ම අපි රණවිරුවන්ගේ අභිමානය සහ ගෞරවය ආරක්ෂාවන ලෙස කටයුතු සිදුකලා.
රණවිරු සුභසාදන වැඩසටහනේ සුවිශේෂී වැඩපිළිවෙලක් තමයි ,විරුසර, වරප්‍රසාද වැඩසටහන. ලබන 2017 වසරේ අපි තවත් 25,000කට විරුසර වරප්‍රසාද කාඩිපත් ලබාදෙනවා.

මේ වැඩසටහන මඟින් ආර්ථික වගේම සාමාජික ප්‍රතිලාභ රැසක් හිමිවෙනවා. මාතෘභූමිය ආරක්ෂා කල රණවිරුවන්ට අපේ රජයේ විශාල ගෞරවයක් තිබෙනවා. අපි මොන වැඩසටහන ඉදිරිපත්කලත්, කුමන සේවාවක් සිදුකලත් විපක්ෂයේ පිරිසක් නිරන්තරයෙන්ම කියන්නේ අපි රටේ ජාතික ආරක්ෂාව අර්බුදයට යවමින් , රණවිරුවන් නොසකලා හරින බවයි. මේ අභූත චෝදනා අපි මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා.

අපේ ගරු ජනාධිපතිතුමාත්ල, අග්‍රාමාත්‍යතුමාත් නිරන්තරයෙන්ම අපට උපදෙස් ලබාදෙන්නේ රටේ ආරක්ෂාව ශක්තිමත් කරමින් රණවිරු සුභසාදනය සඳහා ශක්තිමත් පියවරක් ගන්නා ලෙසයි. අපි ඒ උපදෙස් අනුව තමයි කටයුතු කරන්නේ. එක දේශපාලන කණ්ඩායමක් පටු දේශපාලන අරමුණු ඇතිව අපිට මොන චෝදනා කලත් අපේ වැඩපිළිවෙල පැහැදිලි අරමුණක් ඇතිව ඉදිරියට අරන් යනවා. අපිට ඕන මේ රට දියුණු කරන්න. අපේ ඉලක්කය සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ජනතාව අතර සමගිය සහ සහජීවනය ඇතිකිරීම.

රටේ ජනතාව අතර අසමගිය තිබුණොත් රට දියුණු කරන්න බෑ. අපි උතුරු නැගෙනහිර ප්‍රදේශවල ආරක්ෂාව ගැන සැලකිලිමත් වන ගමන්ම එම ප්‍රදේශවල ජනතාවගේ ඉඩම් සහ නිවාස ගැටළු විසඳීමට පියවර ගෙන තිබෙනවා. උතුරේ තාමත් විසිදහසකට වැඩි පිරිසක් කඳවුරුවල ජීවත්වෙනවා. ඔවුන් අපේ රටේ සහෝදර ජනතාව. ඔවුන් දශක තුනක් ත්‍රස්තවාදය නිසා නොයෙක් පීඩාවන්ට පත්වුනා.

ඔවුන් මුහුණදී සිටින ප්‍රශ්ණ විසඳීම තුලින් තමයි අපට ජාතික සමගියක් ඇතිකරන්න පුළුවන් වන්නේ. ජනවර්ග අනුව බෙදුනොත් රටක් ඉදිරියට ගෙනියන්න බෑ. රණවිරු සුභසාදනයත් මේ වැඩසටහන්වලට සමගාමීව අපි ඉදිරියට අරන් යනවාග.

පසුගිය දවස්වල දේශපාලන බලය ගිලිහීගිය කණ්ඩායමක් ආබාධිත රණවිරුවන් පිරිසක් නොමඟ යවලා උද්ඝෝෂණයක් සංවිධානය කලා. ඔවුන් බලහත්කාරයෙන් ජනාධිපති කාර්යාලයටත් කඩාපැන්නා. නමුත් මේ පිරිසට අමතකයි අවුරුදු ගණනක් බලයේ හිටපු ඔවුන්ගේ නායකයෝ ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුපේ ප්‍රශ්ණය සහ අනෙකුත් ප්‍රශ්ණ විසඳුවේ නැති බවග. ඒ ප්‍රශ්ණය විසඳුවේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස අපේ ගරු ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන්.

දේශපාලන බලය වෙනුවෙන් රණවිරුවන් යොදාගන්න පිරිස් ඒ කාලේ සිදුකලේ රණවිරුවන්ගේ අභිමානය නැතිකරමින්, ඔවුන්ගේ සැබෑ ප්‍රශ්ණ අමතක කල එක. නමුත් අපේ රජය ඒ සියළු ප්‍රශ්ණ විසඳමින් සිටිනවා. අපි කෙටි කාලයක් ඇතුලත රණවිරුවන්ගේ වැන්දඹු බිරින්දෑවරුන් මුහුණදී සිටින විශ්‍රාම වැටුප් ගැටළුවත් විසඳනවා,
මාධ්‍ය අංශය
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය

The post යහපාලනය තරම් යුධ විරුවන්ට සලකපු රජයක් තවත් නෑ …යුධ විරුවන්ගේ අභිමානය රැක්කේ අපි ! appeared first on Lanka News Alert.

About Editor

Check Also

මහා මුදලක් වැය කර පුද්ගලික අංශයෙන් විදුලිය මිලට ගන්න යයි …සියළු බර පාරිභෝගිකයා පිට පටවයි !

ඉදිරියේ එළැඹෙන දැඩි නියං තත්ත්වය හමුවේ පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට කටයුතු කිරීම මගින් පාරිභෝගිකයන්ට ...