ඇමති කිරිඇල්ලට මහා විරෝධයක් …රැස්වීමට ආ කිරිඇල්ලව ජනතාව “හූ” කියා එළවා දමති !

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ඉන් පිටව යද්දි ප්‍රදේශවාසින් විසින් අමාත්‍යවරයාට එරෙහිව දැඩි විරෝධතාවයක් පැවැත්වූවා.

කුණුහරුපයෙන් බැණ වදිමින් ,”අපිව රැවැට්ටුවා “යැයි චෝදනා කරමින් අමාත්‍යවරයාගේ මෝටර් රථයට ගමන් කිරීමට නොහැකි ලෙස එය අවහිර කරමින් “හූ ” කියමින් ප්‍රදේශවාසින් විසින් එහිදී අමාත්‍යවරයා ගමන් ගන්නා මාර්ගය අවහිර කර තිබෙනවා. පසුව වහාම පොලිසිය මැදිහත්වී ජනතාව එතැනින් ඉවත් කොට , අමාත්‍යවරයාට එතැනින් පිටවීම සදහා ඉඩකඩ ලබා දුන්නා.

ජනතාව චෝදනා කරනු ලබන්නේ ,මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් නිසා තමන්ගේ ඉඩම් අහිමි වන බවයි . අධිවේගි මාර්ගය ඉදිකිරීමට අපගේ කිසිදු විරෝධයක් නැති බවත් ඒ ඉදිකිරීම් නිසා , ප්‍රදේශවාසින්ගේ ඉඩම් වලට හානියක් සිදු වුවහොත් මරාගෙන මැරෙන්න සූදානම් බවද ගම්පහ ප්‍රදේශවාසිහු පවසති.

The post ඇමති කිරිඇල්ලට මහා විරෝධයක් …රැස්වීමට ආ කිරිඇල්ලව ජනතාව “හූ” කියා එළවා දමති ! appeared first on Lanka News Alert.

About Editor

Check Also

මහා මුදලක් වැය කර පුද්ගලික අංශයෙන් විදුලිය මිලට ගන්න යයි …සියළු බර පාරිභෝගිකයා පිට පටවයි !

ඉදිරියේ එළැඹෙන දැඩි නියං තත්ත්වය හමුවේ පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට කටයුතු කිරීම මගින් පාරිභෝගිකයන්ට ...