මහින්ද වැඩ බැරි අදක්ෂයෙක් …ඔහු ජාත්‍යන්තරයට බියවී බලය හැරදා පලා ගියා …මම මුළු ජාත්‍යන්තරයම දින්නා

කිසිදු ආකාරයකින් වත්මන් රජය මාතෘ භූමිය පාවාදී නැති බවත් ,පසුගිය නායකයින් ජාත්‍යන්තරයට මුහුණ දීමට නොහැකිව මෙය අත්හැර පලා ගිය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි . තමන්ට තවත් අවුරුදු දෙකක් බලයේ රැදි සිටීමට ඉඩ ප්‍රස්ථාව තිබියදී , තමන්ට බලය එපා යැයි කියමින් මෙලෙස පලා ගිය ලෝකයේ එකම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ බව ඔහු සදහන් කලා . මේ ආර්ථික අර්බුධයට මුහුණ දීමේ නොහැකියාව , ජාත්‍යන්තරයෙන් ආ ප්‍රශ්නවලට මුහුණ දීමේ නොහැකියාව , රට තුළ සංහිදියාව ගොඩ නැගීමට ඇති නොහැකියාව නිසා ඔහු අවුරුදු 02 ක් , කලින් මැතිවරණයකට ගිය බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ . නමුත් තමන් මෙරට ජනාධිපතිවරයා ලෙස ඒ කාර්යභාරය ඉටු කරමින් රටක් ලෙස ජයග්‍රහණය කරා පියනගන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

අද තමන් ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට මේ අභියෝගය ජය ගැනීමට ශක්තිය පවතින බවත් , ඒ අභියෝගය ජයග්‍රහණයෙන් කෙළවර කරන බවද ජනාධිපතිවරයා ඉතා වගකීමෙන් කියා සිටියා.

“කෙනෙක් අහන්න පුළුවන් අවුරුදු දෙක තුළ අපි මොණවාද කලේ කියලා.දුටුගැමුණු රජතුමා වකුටුවෙලා නිදා ගෙන ඉන්නකොට , මව ගිහින් ඇහුවා ..ඇයි ඔය විදියට වකුටු වෙලා ඉන්නේ කියලා ? එවිට දුටුගැමුණු කුමාරයා කිව්වේ මේ රටේ උතුරේත් -දකුණේත් තත්වය නිසා මම මේ විදියට ඉන්නවා .මගේ දෑත් දෙපා දිග හරින්න හැකි දවසක් ගැන මම හිතනවා කියලා . 2015 ජනවාරි මාසේ 08 වෙනිදා මේ රටේ රාජ්‍ය පාලනයේ නායකින් වගේම ජනතාවට එදා දුටුගැමුණු කුමාරයා හිටපු විදියටම ඉන්න වෙලා . ජාත්‍යන්තර වශයෙන් අතපය දිග හරින්න පුළුවන්කමක් තිබුණේ නෑ .

මේ වසර දෙක තුළ මාධ්‍යවේදීන් කිසිවෙක් මහපාරේ මැරිලා හිටියේ නෑ . මේ රටේ කිසි මාධ්‍යවේදියෙක් රට හැර දාලා ගියේ නෑ . නිදහස ,ප්‍රජාතන්ත්‍රවාදය ,සතුට භුක්ති විදපු ආකාරය ගැන කියපුවාම මේ වසර දෙක , මාධ්‍ය නිදහසට මහෝඝයක් . මාධ්‍ය නිදහස දොරේ යෑමක් . හරියට අවුරුදු 15,16 ක තරුණ දරුවෙක් , දගලනවා වගේ .දී ඇති නිදහස පරිණතවූ විට , මාධ්‍ය යහපත් විනයක් ඇතිවෙයි කියලා මම විශ්වාස කරනවා .

අපි සියල්ල රට වෙනුවෙන් කැප වෙමු .අපිට ගොඩ එන්න පුළුවන් . තවම එකගතාවයක් ,සම්මුතියක් ස්ථිරවම ලියා නීත්‍යානූකූලව ඇති කරගෙන නැති හම්බන්තොට සංවර්ධන කර්මාන්තපුරය පිළිබද මහා උද්ඝෝෂණ කරනවා.සමහරු කැරලි ගහන්න එනවා .

අගමැතිතුමනි ,හම්බන්තොටට ඒ කර්මාන්ත එපා නම් , ඒක මට පොළොන්නරුවට දෙන්න .මම ලෑස්තියි පොළොන්නරුවෙන් ඒ ඉඩම් දෙන්න . මේ කිසිම තැනක මේ භූමිය පාවා දීලා නෑ ”

ඊයේ (08) සිය පදවි ප්‍රාප්තියෙන් දෙවසරක් ගතවීම නිමිති කොට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා .

The post මහින්ද වැඩ බැරි අදක්ෂයෙක් …ඔහු ජාත්‍යන්තරයට බියවී බලය හැරදා පලා ගියා …මම මුළු ජාත්‍යන්තරයම දින්නා appeared first on Lanka News Alert.

About Editor

Check Also

මහා මුදලක් වැය කර පුද්ගලික අංශයෙන් විදුලිය මිලට ගන්න යයි …සියළු බර පාරිභෝගිකයා පිට පටවයි !

ඉදිරියේ එළැඹෙන දැඩි නියං තත්ත්වය හමුවේ පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට කටයුතු කිරීම මගින් පාරිභෝගිකයන්ට ...