රට මහා අගාධයකට වැටිලා …ජනතාව කල කිරිලා …රට ගොඩ ගත නොහැකි ලෙසම පාලකයන් රට වනසනවා…වහාම ගමන් මග වෙනස් කල යුතුයි !

රටේ නව පාලනය සම්බන්ධයෙන් ජනතාව තැබු සියලු බලාපොරොත්තු මේ වන විට සුන්වී ඇතැයි ගැ‍ටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල හිමිපාණන් පැවසූහ.

පැවැති පාලනය රටකට සුදුසු නොවන බව විශ්වාස කළ ජනතාව නව ජනාධිපතිවරයෙකු පත් කර ගනු ලැබුවත් ඒ පාලනය පිළිබදව තැබූ සියලු අපේක්ෂාවන්ද බිද වැටී ඇතැයි උන්වහන්සේ සදහන් කළහ.

15826785_746661665492390_3251433347580656119_n

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහනුවර කළ සංචාරය අතරේ ගැටඹේ රාජෝපවනාරාමයට පැමිණ එහි විහාරාධිපති හිමියන් බැහැ දු‍ටු අතර එහිදී පැවැති සංවාදයේදී උන්වහන්සේ මේ බව පැවසූහ .

රටේ ‍පාලකයන් අද බලයෙන් මත්වී සිටින බවක් දක්නට ලැබෙන බව කී නායක හිමිපාණන් වහන්සේ මෙසේ වැඩිදුරටත් මෙසේ පැවසීය.

“රට අද අගාධයට යන තත්ත්වයක් තමයි අපට පෙනෙන්න තිබෙන්නේ.මේ ආකාරයට පැවතිය හොත් යළිත් රට ගොඩ ගැනීම අසීරු කාර්යයක් වෙයි. ර‍ට යන මේ ගමන සුභදායක ගමනක් වශයෙන් සැලකිය නොහැකියි. ඒ නිසා ගමන් මග වෙනස් කරන්නේ නම් සුදුසු යැයි අප විශ්වාස කරනවා.

හිටපු පාලකයන්ගේ වරද නිසයි මෙවැනි දෙයක් සිදුවුණේ. නමුත් හිටපු අයගෙන් විශාල පිරිසක් අද ආණ්ඩුවට එක්වී සිටිනවා.කවුරු කළත් වරදක් තිබෙනවා නම් එය වරදක් ලෙස හැදින්වීය යුතුයි.ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙනවා කියා පැමිණි අය ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ නැත්නම් ඔවුන් බලය තබා ගෙදර යා යුතුයි.”

අද ජනතාව අසරණ තත්ත්වයට පත්ව සිටින්නේ. ඔවුන් වෙනුවෙන් ඉදිරිපත්වීමට පාලකයෙකු නොමැති බවක් දක්නට ලැබෙනවා .

එහිදි අදහස් දැක්වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ,

“අද රට විවිධ විදේශ සමාගම් වෙත අලෙවි කිරීමක් දක්නට ලැබෙනවා. හම්බන්තොට පමණක් නොවෙයි, ත්‍රිකුණාමලය, පලාලි, කන්කසන්තුරේ කොළඹ වැනි ප්‍රදේශත් නුදුරේදී ම විකිණීම සිදු කරයි. විදේශියකයන් තමන්ගේ වර්ගයා මේ රට තුළ ව්‍යාප්ත කිරීමටයි මේ තුළින් උත්සහ කරන්නේ.මේ අයුරින් ක්‍රියාත්මක වුණොත් ඉදිරියේදී අපට කතරගම වැනි වෙනත් ප්‍රදේශයකට යනවා නම් වීසා ලබා ගැනීමටත් සිදුවෙයි.

අද පාලකයන් බලයට පත්වෙල විතරක් නොවෙයි බලයෙන් මත්වෙලා. අපිට දැඩි පීඩාවට පත් කරනවා. යළිත් අපි බලයට එයි කියන බිය නිසා ඔවුන් ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීමට උත්සහ දරමින් සිටිනවා .”

පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත, මධ්‍යම පළාතේ හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව ඇතුලු පිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගී විය.

( වාර්තා කලේ නදීක දයා බණ්ඩාර )

The post රට මහා අගාධයකට වැටිලා …ජනතාව කල කිරිලා …රට ගොඩ ගත නොහැකි ලෙසම පාලකයන් රට වනසනවා…වහාම ගමන් මග වෙනස් කල යුතුයි ! appeared first on Lanka News Alert.

About Editor

Check Also

මහා මුදලක් වැය කර පුද්ගලික අංශයෙන් විදුලිය මිලට ගන්න යයි …සියළු බර පාරිභෝගිකයා පිට පටවයි !

ඉදිරියේ එළැඹෙන දැඩි නියං තත්ත්වය හමුවේ පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට කටයුතු කිරීම මගින් පාරිභෝගිකයන්ට ...