මා අත්අඩංගුව ගන්නැයි අණදී අගමැති රට පැනලා …

වාහන අවභාවිතයක් පිළිබද ප්‍රශ්න කිරීම සදහා ජාතික නිදහස් පෙරමුණේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ අද (10)FCID යට කැදවා තිබුණා.

එහිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ කියා සිටියේ ,

“මාතෘ භූමිය බෙදා වෙන් කිරීමට උත්සහ කරන, ජනතාවට විරුද්ධ පරගැති පාලකයින් හිතනවා අපිව හිරේ දාලා මේ රටේ පොදු ජනතාවගේ ජාතික අරගලය ආපස්සට හරවන්න පුළුවන් කියලා .ඒක කවදාවත් කරන්න බෑ .වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවට අපි කියනවා අපිව ඔබේ මිම්මෙන් මනින්න එපා .අපි ඔප්පු කර පෙන්වනවා වැඩි කල් යන්න කලින් මේ පරගැති පාලනය පරාජය කරන බව . ”

මෙගා ඩීල් ගැන සදහන් කරමින් බලයට ආ ආණ්ඩුව අද සුප්‍රකට වාහන අවභාවිතා චෝදනාව යටතේ , විපක්ෂය මර්දනය කරන බවත් බැදුම්කර වංචාව ,තබ සොරකම , වී මාෆියාව ,ප්‍රාඩෝ නැව් වංචාවන් පිළිබද ආණ්ඩුව නිහඩ බව ඔහු සදහන් කලා .

අගමැති සැලසුම් සහගතව තමන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට උපදෙස් දී , විදෙස් ගතවූ බවත් මෙය බටලන්න ක්‍රමය වෙනත් ආකාරයකට ක්‍රියාත්මක කිරීමක් බවත් ඒ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමන් ඇතුළු පිරිස සුදානම් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා .

විමල් වීරවංශ වෙනුවෙන් මහා සංඝරත්නය ප්‍රමුඛ විශාල පිරිසක් මේ මොහොතේ FCID අසල රැදී සිටී .

The post මා අත්අඩංගුව ගන්නැයි අණදී අගමැති රට පැනලා … appeared first on Lanka News Alert.

About Editor

Check Also

මහා මුදලක් වැය කර පුද්ගලික අංශයෙන් විදුලිය මිලට ගන්න යයි …සියළු බර පාරිභෝගිකයා පිට පටවයි !

ඉදිරියේ එළැඹෙන දැඩි නියං තත්ත්වය හමුවේ පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට කටයුතු කිරීම මගින් පාරිභෝගිකයන්ට ...