හොරු ඇල්ලීම දැන් ඇරඹූවා …ඉදිරියේදී තව අය හිරේ යවනවා

වත්මන් ආණ්ඩුවට චෝදනා එල්ල වන මූලිකම කාරණය පසුගිය රජයේ දුෂණ ,වංචා සිදු කල අයට දඩුවම් ලබා නොදීම බව , ඒ නිසා ජනතාවගෙන් ආණ්ඩු පක්ෂයට දැඩි පීඩනයක් එල්ල වන බව , නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පවසයි .

විමල් වීරවංශ මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා .

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ රංජන් රාමනායක ,

“අපිට ජනතාවගෙන් ලොකු පීඩනයක් එනවා මේ හොරුන්ට නිදැල්ලේ ඉන්න ඉඩ සැලසීම ගැන. මේක පලි ගැනීමක් නෙමේ .මේක මැතිවරණ පොරොන්දුවක්.ජනවාරි 08 ට ඉස්සල්ලා අපි පොළවේ අතගහලා කිව්වා මේ හොරු අල්ලනවා කියලා .ඉතින් අද මේ චෝදනාවලට ලක් වෙලා ඉන්න විමල් වීරවංශ එතුමාගේ බිරිද කියලා තියෙනවා එයාලා කොමියුනිකේෂන් එකක් දාගෙන හිටිය අය කියලා.

නමුත් ඔබ දැක්කාද ? අර හෝකන්දර තට්ටු ගාණක් උස ග්‍රහාලෝකාගාරය වගේ ලොකු ගෙයක් හදලා තියෙන්නේ අර රවුම් ගහලා උඩට උඩට යන්න . අර කොලුවෙක් මැරුණේ . ව්‍යාඝ්‍රය සම්බන්ධ ප්‍රශ්නයකදී ,අර තරුණයෙක් මැරුණේ .අන්න ඒ ගේ තමා . මේවා ඒකාබද්ධ විපක්ෂය අඩපණ කිරීමක් නෙමේ . මේවා සැබෑ චෝදනා . දැන් මේ වංචාව මිලියන 81 ක් දැනට ගණන් බලලා තියන විදියට . වාහන 41 ක් . මේ විමල් වීරවංශ කියන පුද්ගලයා ඉරෝෂා කියන පෙම්වතියට ගෙවල් දීලා තියෙනවා .මස්සිනාට ගෙවල් දීලා තියෙනවා . සශි වීරවංශගේ නෑදෑයින්ට ගෙවල් දීලා තියෙනවා. සොහොයුරාට ,විවිධ නෑදෑයින්ට ,සංඝයා වහන්සේලාට කොච්චර ගෙවල් දීලා තියෙනවාද ?

මේ මේවා ජනතාවගේ මුදල්.පොදු දේපළ මේවා .අද මේ රටේ අහිංසක ජනතාව කෝටි නව ලක්ෂයක් ණයයි රටේ . හෙට ඉපදෙන ළමයෙක් ලෝක බැකුවට ලක්ෂ 05 ක ණයකාරයෙක් වෙලා තමා ඉපදෙන්නේ . ඒවා බේරන්න තමා මේ අපි සියළුම සංවර්ධන ව්‍යාපෘති කරන්නේ . මේක පලි ගැනීමක් නෙමේ .මේක සැබෑ හොරෙක් ,සැබෑ අපරාධකාරයෙක් ,සැබෑ වංචාකාරයෙක් අල්ලා ගැනීමක් හැටියටයි මම දකින්නේ .

දැන් හොරා දන්නවා ඊළගට යන්නේ කවුද කියලා .මහින්ද රාජපක්ෂ දන්නවානේ.ඒකට සුමනදාස වගේ පේන කාරයෝ ඕන නෑ.දැන් අපිත් දන්නවා ඊළගට යන්නේ කවුද කියලා.මේකට FCID,CID ඕන නෑ .ගමේ හිටපු මිනිහා පාපැදියෙන් ගියපු මිනිහා අද නැව්,හෙලිකොප්ටර්,ගුවන්යානා ,ගුවන් යානා පුහුණු පාසැල් වගේ අරන් තියෙන්නේ.අපි දැන ගන්න ඕන මල්වානේ වතු තියෙද්දි මේ මනුස්සයා හොරකම් කරලා කියලා . “

The post හොරු ඇල්ලීම දැන් ඇරඹූවා …ඉදිරියේදී තව අය හිරේ යවනවා appeared first on Lanka News Alert.

About Editor

Check Also

මහා මුදලක් වැය කර පුද්ගලික අංශයෙන් විදුලිය මිලට ගන්න යයි …සියළු බර පාරිභෝගිකයා පිට පටවයි !

ඉදිරියේ එළැඹෙන දැඩි නියං තත්ත්වය හමුවේ පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට කටයුතු කිරීම මගින් පාරිභෝගිකයන්ට ...